චීන නව විදේශ ඇමතිට ඇමෙරිකාවෙන් ආරාධනයක්.

චීනයේ නව විදේශ අමාත්‍යවරයා වශයෙන් පත්වූ වැන්ග්යි හට සංචාරයක් සඳහා එක් වන ලෙස ඇමෙරිකාවෙන් නිල ආරාධනාවක් සිදු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

නමුත් එම සංචාරය සිදු කරන කාල සීමාවක් හෝ එම ආරාධනාව භාර ගත්තේද නැද්ද යන වග,මේ වන තෙක් දැනුම් දී නොමැති බව සඳහන් වේ .

මේ වන විට චීනය සහ ඇමෙරිකාව අතර එතරම් යහපත් සබඳතාවක් නොමැති අතර එම සබඳතා ප්‍රකෘතිමත් කර ගැනීමේ අරමුණින් මෙම ආරාධනාව සිදු කර තිබෙන බව වාර්තා වේ .

Exit mobile version