ප්‍රංශයේ ජනාධිපතිගෙන් මෙරට ජනපතිට ආරාධනයක්.

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන ගෝලීය නායක සමුළුවේ දී ඉහළ පෙළේ සාකච්ඡා සභාවක් ඇමතීමට ප්‍රංශ ජනරජයේ ජනාධිපති විසින් රනිල් වික්‍රමසීංහ මහතාට ආරාධනාවක් කර තිබෙන අතර මෙම සාකච්ඡාව ජුනි 22 සහ 23 යන දෙදින තුළ පැරීසියේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝලීය නායක සමුළුවේ ඉහළ පෙළේ සාකච්ඡා සභාව ඇමතීමට ද තීරණය කර ඇති බව සඳහන්.

Exit mobile version