ඊලොන් මස්ක්ට ආරාධනයක්.

හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් ගාසා තීරයට පැමිණෙන ලෙස ඊලොන් මස්ක්ට ආරාධනා කර ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින් සිදු වූ විනාශයේ තරම බැලීමට ගාසා තීරයට පැමිණෙන ලෙස හමාස් නිලධාරියා විසින් මෙසේ ඊලොන් මස්ක්ට ආරාධනා කර ඇත.

“ගාසා තීරයේ ජනතාවට එරෙහි ව සිදු කර ඇති සමූල ඝාතන හා විනාශයේ තරම දැක බලා ගැනීමට ගාසා තීරයට පැමිණෙන ලෙස අපි ඔහුට ආරාධනා කරනවා” යැයි හමාස් ජ්‍යෙෂ්ඨ නිලධාරී ඔසාමා හම්දාන් බීරූට්හි පැවති මාධ්‍ය හමුවක දී පවසා තිබේ.

හම්දාන් ගේ ප්‍රකාශය, ඊශ්‍රායලය සහ හමාස් අතර තාවකාලික සටන් විරාමය තවත් පැය 48කට දීර්ඝ කිරීමෙන් දිනකට පසු ව සිදු කර ඇත.

Exit mobile version