වාරියපොළ පන්දම් විරෝධතාවක් .

වැඩිවූ විදුලි බිලට විරෝධය දක්වමින් අද (27) රාත්‍රියේ වාරියපොල නගර මධ්‍යයේ පන්දම් දල්වා විරෝධතාවයක් පැවැත්වූ බව වාර්තා වේ .

ජාතික ජන බළවේගය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර පන්දම් දල්වමින් විරෝධතාවයේ යෙදුණු පිරිස පැවසුවේ ජනතාවට ජීවත් වීමට නොහැකිව අසරණව ඇති බවයි.

මැති ඇමතිවරුන්ගේ විදුලිබිල් අසරණ ජනතාවට ගෙවීමට සිදුව ඇති බවත් , වැඩි කළ විදුලි බිල පහත දමා ජනතාවට සහන දෙනතුරු දිගින් දිගටම සෑම ප්‍රදේශයකම විරෝධතා පවත්වන බවත් විරෝධතාකරුවෝ වැඩි දුරටත් සඳහන් කරන ලදී .

Exit mobile version