සයිනොපෙක් මඟින් තෙල් පිරිපහදුවක් ? කැබිනට් අනුමැතිය දෙයිද ?

චීන රජයට අයත් සයිනොපෙක් සමාගම මඟින් මෙරට තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා ගෙනආ යෝජනාවට සඳුදා (27) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවෙතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඒ සඳහා කෙරෙන ආයෝජනය ඩොලර් බිලියන 4.5ක් බව සඳහන් .

පසුගිය අගෝස්තු මාසයේදී ඒ සඳහා යෝජනා කැඳවූ විට චීනයේ සයිනොපෙක් සමාගම සහ Vitol සමාගම තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා සැලසුම් ඉදිරිපත් කර තිබූ නමුත් පසුව Vitol සමාගම එම ක්‍රියාවලියෙන් ඉවත්වී තිබුණි.

Exit mobile version