මහලු මවක් මාස දෙකක් පාලු නිවසක සිර කරලා.

එරාවූර් රෝහල් වීදිය ප්‍රදේශයේ පාලු නිවසක අගුලු දමා සිරකර සිටි 60 හැවිරිදි මහලු මවක් එරාවූර් පොලිසිය මඟින් සිදු කළ විමර්ශනයක දී සොයා ගත් බව වාර්තා වේ.

මෙම මහලු මව මාස දෙකක් පමණ අදාළ පාලු නිවසේ කිසිදු පහසුකමක් නොමැතිව සිර කර දමා ගොස් ඇත්තේ ඇයගේම දියණිය බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් එරාවූර් පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Exit mobile version