දරුවෙකු බිහිකළ දැරිය සොයා මෙහෙයුමක්.

මොණරාගල ගලබැද්ද අඹලන්ද ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දැරියක් මොණරාගල මහ රෝහලේදී පිරිමි දරුවෙකු පුසූත කිරීමේ සිද්ධියක් පිළිබඳ මොණරාගල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙම දැරිය මොණරාගල අලියාවත්ත ප්‍රදේශයේ පාසලක නව වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා පසුව මව සමග කුලී වැඩට ගොස් ඇති බව සදහන්.

අඹලන්ද ප්‍රදේශයේ උක් ගස් කැපීමට ගිය අවස්ථාවකදී එම ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර වැඩිහිටියන්ගේ කැමැත්ත මත ඇයගේ වයස අවුරුදු 19 බව සඳහන් කරමින් මොණරාගල ප්‍රදේශයේ විවාහ රෙජිස්ට්‍රාර්වරියක නොමග යවා නීත්‍යානුකූලව විවාහ වී ඇති බවට අනාවරණය වී තිබේ.

පසුව දෙදෙනා අඹලන්ද ප්‍රදේශයේ තරුණයාගේ නිවසේ එකට පදිංචිව සිට ඇති අතර ඉකුත් මස තිස්එක් වෙනි දින මොණරාගල මහ රෝහලේදී පිරිමි දරුවෙකු පුසූත කර ඇත.

ඇය විවාහ වනවිට ඇගේ වයස අවුරුදු 14 දින 07 කි.

සිද්ධියට සම්බන්ධ සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීමට මොණරාගල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Exit mobile version