කෙවින් මැකාති ධූරයෙන් ඉවත් කිරීමේ මෙහෙයුමක්.

අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක කෙවින් මැකාති එම ධුරයෙන් ඉවත් කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන ඔහු පසුගියදා අමෙරිකානු රජයේ ආයතනවලට අරමුදල් සැපයීම සඳහා වන පනතක් සම්මත කිරීම සඳහා රිපබ්ලිකන් පක්ෂයේ සහාය ලබාදීමට පියවර ගෙන තිබූ බව සදහන්.

මේ හේතුවෙන් අමෙරිකානු රජය වසා දැමීමේ තීරණය වැළැක්වී ගිය අතර ඊට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය දක්වන රිපබ්ලිකන් පක්ෂයේ තවත් කණ්ඩායමක විරෝධය එල්ල වී තිබේ.

කථානායකවරයා ඇමරිකානු උප ජනාධිපතිවරයාට පසුව ජනාධිපති ධුරයේ අනුප්‍රාප්තික රේඛාවේ දෙවෙනියා ලෙස කටයුතු කරනු ලබයි.

ඔහුට ඉවත් වීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත අතර අමෙරිකානු කථානායකවරයෙකු ඉල්ලා අස්වීමේ යෝජනාවක් මඟින් මේ දක්වා බලයෙන් පහකර නොමැති බව වාර්තා වේ.

Exit mobile version