රට චොකලට් අලෙවි කරන ස්ථාන වැටලීමේ මෙහෙයුමක්

විදෙස් රටවල සිට නීති විරෝධී අයුරින් මෙරටට ගෙන්වන ලද චොකලට් අලෙවිකරණ ස්ථාන වැටලීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කල බවට වාර්තා වේ

නීති විරෝධී අයුරින් ගෙන්වන ලද චොක්ලට් සහ රසකැවිලි අලෙවි කරන ස්ථාන රට පුරා ව්‍යාප්තව ඇති අතර ලංකාවේ ප්‍රමිතීන්ට අනුකූල නොවන ආහාර අන්තර්ගත බැවින් ඒවා මිලදී ගැනීමෙන් වැළකී සිටින ලෙස එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා දැනුම් දී තිබේ.

එමෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කර සිටින්නේ කිසියම් රටක නිෂ්පාදනය කරන ආහාර ද්‍රව්‍යක් මෙරටට ගෙන්වා අලෙවි කිරීමේදී අනුගමනය කල යුතු නීත්‍යානුකූල ක්‍රමවේද ඇති බවත් ඒ සම්බන්ධව ව්‍යාපාරිකයින් මෙන්ම පාරිභෝගිකයින්ද අවධානය යොමු කළ යුතු බවත් ය.

Exit mobile version