බන්දුලට බස් ගැමුණුගෙන් නියෝගයක්

ශ්‍රී ලංකා ඩොලරයට සාපේක්ෂව ඇමරිකානු ඩොලරය අවප්‍රමාණය වීමේ ප්‍රතිඵලයක් ලෙස බස් රථ අමතර කොටස් සහ සේවා ගාස්තු අඩු නොවීම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශණයක් පැවැත්වීමට විෂය භාර අමාත්‍යවරයා අපොහොසත් වන්නේ නම් ඔහු වහා සිය ධූරයෙන් ඉල්ලා අස් විය යුතු බවට පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඊයේ (22) ප්‍රකාශ කල බවට වාර්තා වේ.

අදාල කාරණාව සම්බන්ධයෙන් වෙනම කමිටුවක් පත් කිරීමට හෝ ජාතික ගමනාගමන මණ්ඩලය සමග සාකච්ඡා කර තීරණයක් ගැනීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස බන්දුල ගුණවර්ධන අසමත් වන්නේ නම් ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස් විය යුතු බවට නියෝගයක් ලැබී තිබේ.

Exit mobile version