ශාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් CID යට නියෝගයක්.

ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ මරණයට අදාළ පරීක්ෂණ වලදී රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකරන ලද භාණ්ඩවලට අදාළ පරීක්ෂණ වාර්තා මෙතෙක් ලැබී නොමැති බැවින් එම වාර්තා කඩිනම්න් කැදවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බව වාර්තා වේ.

මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඉදිරියේ කැදවනු ලැබූ බව සදහන්.

එහිදී මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙන්වා දුන්නේ මෙම පරික්ෂණයට අදාළව රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලද ලේ සාම්පල ඇතුළු ද්‍රව්‍යවලට අදාළ රජයේ රස පරීක්ෂක වාර්තා මෙතෙක් ලැබී නොමැති බවයි.

එම වාර්තා ලැබීමට ප්‍රමාදයක් තිබෙන බැවින් ඒවා කඩිනමින් කැදවීමට පියවර ගන්නා ලෙසත් අවශ්‍ය නම් රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහිකැඳවීම් යොමු කිරීමට හැකියාව තිබෙන බවත් විවෘත අධිකරණයේදී මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කර තිබේ.

ඉන් අනතුරුව පැමිණිල්ල ලබන 28 වනදා කැදවන ලෙස නියෝග කර තිබේ.

Exit mobile version