අනවසර ළමා නිවාසයක් වටලයි.

යාපනය ප්‍රදේශයේ අනවසරයෙන් පවත්වා ගෙන ගිය ළමා නිවාසයක් තුළ සිටි දැරියන්ට වද හිංසා කරන බවට ලද තොරතුරක් මත කෝපායි පොලීසිය හා ළමා රක්ෂණ අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ (2) දින වැටලීමක් සිදු කළ බව වාර්තා වේ.

එමෙන්ම එම ළමා නිවාසයේ සිටි දැරියන් 13 දෙනෙකු එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර එම දැරියන් අද (3) යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන් කරයි.

Exit mobile version