ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හොර ඩීල් එකක් මඟින් යම් ආයතනයක් පවරා ගන්නේ නම් එය රටක් වශයෙන් අප මුහුණ දෙන ඉතාමත් ඛේදනිය තත්වයකි. මේ පිළිබඳව ශ්‍රී ලංකා ටෙලිකොම් සභාවේ හිටපු සභාපති,හිටපු නියෝජ්‍ය කතානායක ,ශ්‍රී ලංකාවේ නිදහස් පක්ෂයේ වර්තමාන උප සභාපති ,නිදහස් ජනතා සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල මහතා ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග සිදුකල අන්තර්ජාල සාකච්ඡාවකදී පළ කල කරුණු මෙසේය.
තිලංග මහතා 2002 සිට 2004 දක්වා කාලය තුළ ටෙලිකොම් සමාගමේ සේවය කර ඇති අතර මෙම සමාගම 97 දී ප්‍රතිව්‍යුහගත කර 35% කොටස් විකුණා ඇති අතර 2002දී රජය සතුව තිබෙන 49.5%ක කොටස් විකුණා තිබෙන බවට සදහන් කර තිබෙන අතර මෙම අවස්ථාවේ NTT ආයතනය වසර 5කට මෙහි පාලනය සිදු කරන බවට ගිවිසුමක් ගැසූ බවත් මෙම ගිවිසුම සමග ඔහු මෙම සංගමයේ සභාපති බවට පත් වූ බවත් ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය 2000දී IMF එකත් එක්ක MOU එකක් අත්සන් කර තිබෙන බවත්,NTT ආයතනය එම පරිපාලනයෙන් ඉවත් කර ටෙලිකොම් ආයතනය පාඩුවට යන බැවින් මොබිටෙල් ආයතනය 100% ඔවුන් සතුවට ගැනීමට ඔහු තීරණය කර තිබෙන අතර IMF එක සමග කතා බහ කර 13% කොටස් වෙළෙදපොල තුල විකුණා ගැනීමට එකගතාවක් ඇති කරගත් බවට ප්‍රකාශ කර තිබේ.
එසේම ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකන් ඩොලර් මිලියන 70ක් යුරෝප් බැංකුව හරහා මොබිටෙල් සමාගම දියුණු කර ගැනීම සදහා ලබා ගත් බවත් මේ අනුව ටෙලිකොම් ආයතනය ජාතික සම්පතක් බවත් ඒ හරහා ගෝලිය වශයෙන් සම්බන්ධ වූ සම්බැරීන ජාලයක් ඇති බවත් ,ඉන්ටන්සෙට් නැමැති සැටලයිට් ජාලයත් මේ හා සම්බන්ධ බවත් ප්‍රකාශ කර සිටී.
එමෙන්ම තමා විසින් එංගලන්තයේ ශ්‍රී ලංකා ටෙලිකොම් UK නම් ආයතනයක් ආරම්භ කර සීගිරි කාඩ්පතක් ඉදිරිපත් කර ඒ හරහා ටෙලිෆෝන් මිල පහළට දැමූ බවත් මෙම කාඩ්පත හරහා ශ්‍රී ලංකාවේ ටෙලිෆෝන් ගාස්තුව 20% දක්වා පහත හෙලූ බවත් නමුත් සුලු කාලයක් යාමට මත්තෙන්ම එවකට එහි සභාපති විසින් මෙම කාඩ්පත අවලංගු කර බවත් දක්වා තිබේ .
එසේම ඔහු ශෝචනීය කාරණයක් වශයෙන් පෙන්වා දෙන්නේ ලංකාවේ රජයට තිබෙන එක ටෙලිකොමිනිකේෂන් ආයතනය ටෙලිකොම් ආයතනය වුවත්, එකම ජංගම දුරකථන ජාලය මොබිටෙල් වුවත් මෙය විකිණීමට අවශ්‍ය ලියකියවිලි සියල්ල රජය විසින් සකස් කර ඇති බවත්ය.
තවද ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ ටෙලිකොම් යනු කොටස් වෙළෙදපොලේ ලැයිස්තුගත කර ඇති ආයතනයක් බවත් සම්පූර්ණයෙන්ම ස්වාධීන ආයතනයක් මගින් Valuvation එකක් සිදු කල යුතු බවත් ඒ කෙසේ වෙතත් බහුතර බලය ශ්‍රී ලංකා ටෙලිකොම් එකෙන් ගන්නවා කියන්නේ මෙය හුදකලාවේ වෙන දෙයක් නොව ජාතික අපරාධයක් බවද, මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකය පියවීමටවත්,මූල්‍ය ශක්තිය මත පදනම් තීන්දුවක් නොව ජාත්‍යන්තර වශයෙන් කලාපීය දේශපාලන ව්‍යාපාරික ප්‍රශ්නයක් ලෙසත් මෙය ලයිකා නොව කවුරුත් නොහිතන තැනකින් ඉවර වීමට හැකියාවක් ඇති බරපතල ප්‍රශ්නයක් බවත් මෙහිදී අවධාරණය කර තිබේ.
තිලංග මහතා ප්‍රකාශ කර සිටින්නේ පැහැදිලිවම මෙහි මුදල් ආයෝජකයා එන්නෙ මුදල් අරගෙන පමණක් නොව රට ඇතුලේ සම්පූර්ණයෙන්ම යම්කිසි ශක්තියක් හදාගැනීමට බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් එක හොර ඩීල් එකක් මගින් රටට හානියක් වන සේ ගමනක් යාමට ඉඩ දීමට කිසිදු හැකියාවක් නොමැති බවත් ඒ නැගෙන හඩ සමග තමාද නියෝජනයක් ඇති බවත් මේ අර්බුද අතරේ ටෙලිකොම් ආයතනය කිසිසේත්ම වැටීමට ඉඩ නොදෙන බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් එක අමු අමුවෙම විකිණීමට ඉඩ නොදෙන බවත් ඔහු ප්‍රකාශ කර තිබෙන අතර මෙය IMF පෙන්නා ගහන හොර ඩීල් එකක් බවද සදහන් කර තිබේ.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීමට පහත විඩියෝව නරඹන්න.
