මෙගා වොට් 270ක් නිපදවන නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක් ඒකකයක් අද (08) අලුයම ක්‍රියා විරහිත වී ඇති බව වාර්තා වේ.
නඩත්තු කටයුතු සඳහා ජුනි මාසයේදී තවත් ඒකකයක් (MW 270MW) වසා දැමීමත් සමඟම බලාගාරයේ විදුලි ජනන ඒකක තුනෙන් දැනට ක්‍රියාත්මක වන්නේ ඒකක එකක් පමණක් බවට ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සදහන් කර තිබේ.
