පුත්තලමෙන් නාඳුනන පුද්ගල මළ සිරුරක්.

ඊයේ (18) පුත්තලම කලපු තීර උද්‍යානයේ තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයා ගෙන ඇති බව වාර්තා වේ .

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 55-60ත් අතර වයසේ පසුවන පුද්ගලයෙකු වන අතර ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව සඳහන්.

වාර්තා වන ආකාරයට මරණකරු උස අඩි 05 අඟල් 03ක් පමණ වන තළෙළු, සිහින් සිරුරැති, හිසේ ඉදිරිපසින් තට්ටය පෑදුණු කොටු සහිත ළා පැහැති කමිසයකින් සහ කළු පැහැති දිග කලිසමක් හැඳ, දුඹුරු පැහැයෙන් යුක්ත පාවහන් පැලඳ සිටි අයෙකි.

මෘත දේහය පුත්තලම රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි .

Exit mobile version