කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ චිත්තම්පලම් ගාඩිනර් මාවත අසල බේරේ වැවේ තිබී නාඳුනන මළසිරුරක් හමුව ඇති බව වාර්තා වේ.
119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් මත සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර, මියගිය පුද්ගලයා වයස අවුරුදු 45ත් 50ත් අතර වයසක පසුවන අයකු ලෙස හඳුනාගෙන ඇත.
මියගොස් ඇත්තේ, උස අඩි 05යි අඟල් 03ක් වන පිරිමි පුද්ගලයකු වන අතර, ළා නිල් පැහැති අත් කොට, කොටු සහිත කමිසයක් හා නිල් පැහැති දිග බොටම් කලිසමක් හැඳ සිටි බව වාර්තා වේ.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.
කොම්පඤ්ඤවීදිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.
