ඊයේ (25) දහවල් කැලණිය පොලීසියට ලද පණිවුඩයක් මත කැලණිය පොලිස් වසමේ ගෝනවල ප්‍රදේශයේ කැලණි ගං ඉවුරේ තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබෙන බව වාර්තා වේ .
මෙම මළ සිරුර පිරිමි පුද්ගලයෙකුගෙ මළ සිරුරක් බවත් , අවසන් වරට ඇඳ සිට ඇත්තේ කහ පැහැති කමිසයක් සහ නිල් පැහැති කොට කලිසමක් බවත් , ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් සඳහන් වේ .
මෘත දේහය හදිසි මරණ පරීක්ෂණය සඳහා කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර කැලණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බව වාර්තා වේ .
