නාඳුනන පිරිමි මළසිරුරක් .

කිලිනොච්චිය වසමේ රෝහල අසල දුම්රිය මාර්ගයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව ඇති බව වාර්තා වේ.

පොලීසිය සඳහන් කළේ, මේ පිළිබඳව කිලිනොච්චිය පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බවයි.

මියගොස් ඇති පුද්ගලයා අවුරුදු 25 – 30ත් අතර උස අඩි 5ක පමණ පුද්ගලයෙකු වන අතර නිල්පාට ඩෙනිම් කොට කලිසමක් හා නිල්පාට අත්දිග ටීෂර්ට් එකක් හැඳ සිටි බවට පොලීසිය සඳහන් කරයි.

මෘත ශරීරිය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සඳහා පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තබා ඇති අතර, මෙම මරණය දුම්රියේ ගැටී මියයෑමක් ද සියදිවි නසා ගැනීමක්ද නොඑසේ නම් වෙනත් අපරාධයක් යන්න සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
 

Exit mobile version