ගෝල්ෆේස් පිටියේ නාඳුනන මළසිරුරක් .

ගාලු මුවදොර වෙරළ තීරයේ පාවෙමින් තිබියදී නාඳුනන පුද්ගල මළසිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

ඊයේ (10) කොටුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

මියගොස් ඇත්තේ අවුරුදු 35ත් 40ත් අතරේ පසුවන උස අඩි 05 අඟල් 15ක් පමණ වන හිස මුඩු කර ඇති තළෙළු සාමාන්‍ය සිරුරැති  අයෙක් බවට පොලීසිය පවසයි.

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව සදහන්.

වෙර‍ළේ තිබී මෙරුන් පැහැති වර්ණයෙන් යුතු අඳන කඩයක් හමුවී ඇති අතර ඒ අනුව මෘත ශරීරය ස්වාමින් වහන්සේ නමකගේ බවට විමර්ශන නිලධාරීන් සැකකරනු ලබයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කොටුව පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Exit mobile version