කඩවත පොලිස් වසමේ කඩවත රාගම මාර්ගයේ ගුවන් පාලම අසල ඇළක තිබී පොලීසිය විසින් නාදුනන මළසිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ.
මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව සදහන්.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 55ත් 60ත් අතර වයසේ පසුවන අත්කොට කමිසයකින් හා කොළ පැහැති සරමකින් සැරසුන මුහුණ පුරා රැවුල වැවී ඇති කොණ්ඩය කොටට කැපූ අයෙක් බවට පොලීසිය පවසයි.
මෘතශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රාගම රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කඩවත පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබයි.
