සෝමාවතිය වදින්න ගිය හිමිනමකට අවාසනාවන්ත ඉරණමක්.

සෝමාවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ වැද පුදා ගැනීමට ගොස් ආපසු පැමිණෙමින් සිටිය දී ස්වාමීන් වහන්සේනමක් වන අලි ප්‍රහාරයකට ලක්ව අපවත් වී ඇති බව වාර්තා වේ.

මෙම ස්වාමීන් වහන්සේ අද (05) අලුයම 4.45 ට පමණ සෝමාවති චෛත්‍ය වැද පුදා ගෙන ආපසු පැමිණෙමින් සිටියදී සෝමාවතිය , සුංගාවිල මාර්ගයේ  සුංගාවිල වනජීවී කාර්‍යාලය අසලදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන් වේ.

මෙලෙස වන අලි ප්‍රහාරයෙන් අපවත් වී ඇත්තේ වනවාසී ගිරිතලේ ශ්‍රී මෛත්‍රී නමැති 40 හැවිරිදි ස්වාමින් වහන්සේ නමකි.

සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිටින වන අලියෙකු විසින් මෙම පහර දීම සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුලස්තිපුර පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බව වාර්තා වේ.

Exit mobile version