අනියම් පෙමින් සිත් තැවුලට පත්ව දියණිය සමග දුම්රියට පැනලා.

කන්තලේ – රජඇල ප්‍රදේශයේ දී ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියට පැන පුද්ගලයෙකු තම දියණිය සමඟ සියදිවි හානි කරගෙන තිබෙන බව වාර්තා වේ.

වාර්තා වන ආකාරයට පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයාගේ බිරිඳ අනියම් සම්බන්ධතාවයක් පවත්වන බවට දැනගැනීමෙන් පසු සිත් තැවුලට පත්ව  තම දියණිය සමඟ සියදිවි හානි කරගෙන තිබෙන බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කන්තලේ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සහ 06 හැවිරිදි දෙදෙනෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු කන්තලේ පොලීසිය විසින් සිදු කරනු ලබයි.

Exit mobile version