ලංකාවට තවත් ආධාරයක්.

ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල වෛද්‍ය හා සායනික අපද්‍රව්‍ය කළමණාකරණය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතනය විසින් රුපියල් බිලියන 1.3 ක ආධාරයක් පිරිනමා ඇති අතර ඊට අදාළ හුවමාරු පත්‍රවලට අදාළ අත්සන් තැබීම මුදල් අමාත්‍යාංශයේ දී සිඳු කෙරුණු බව වාර්තා වේ.

ඒ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මෙරට ජපන් තානාපති මිසුකොෂි හිදෙයකි අතරයි.

මෙම අධාරය යටතේ මෙරට සියලුම පළාත් ආවරණය වන පරිද්දෙන් රෝහල් 15 ක සායනික අපද්‍රව්‍ය දහන යන්ත්‍ර සවි කිරීම සිඳු කෙරෙන බව සඳහන්.

Exit mobile version