ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට ශිෂ්‍යත්ව මත විදෙස් විශ්වවිද්‍යාලවලට ඇතුළුවීම තලෙයිබාන් පාලනය විසින් තහනම් කර තිබෙන බව වාර්තා වේ .
තලෙයිබාන් කාන්තාවන්ට විශ්වවිද්‍යාල තහනම් කිරීමට පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේදී පියවර ගෙන තිබූ නමුත් ඇතැම් කාන්තාවන් ශිෂ්‍යත්ව මඟින් එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ඩුබායි විශ්වවිද්‍යාලය වෙත ඇතුළු වී තිබුණි.
පසුගිය ජුලි මාසයේ සිට අධ්‍යාපන වීසා මත ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට විදෙස් ගත වීම තහනම් කර තිබෙන අතර ඇෆ්ගනිස්තාන කාන්තාවක් විදෙස්ගත වීමේදී ඇයගේ ස්වාමි පුරුෂයා හෝ පියා හෝ සහෝදරයෙක් සමඟ යා යුතුබව සඳහන් .