තවත් ගණිකා නිවාසයක් වටලයි.

ගල්කිස්ස පොලිස් වසමේ වෙරළ පාර ප්‍රදේශයේ දී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකාරිණිය ඇතුළු සැකකාරියන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකාරිනියන් නිකවැරටිය , කොළඹ 03 , වලපනේ , තල්පොත සහ දෙනියාය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 සහ 45 යන වයස්වල පසුවන්නන් බව සඳහන්.

මොවුන් අද (31)    ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වන අතර ගල්කිස්ස පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිඳු කරනු ලබයි.

Exit mobile version