තවත් බස් රථ අනතුරක්.

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කජුගම ප්‍රදේශයේදී තවත් බස්රථ අනතුරක් සිදුව තිබෙන බව වාර්තා වේ .

අද (06) අලුයම බස් රථයක් සහ බහාලුම් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අම්පාර සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකි.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 22 දෙදෙනෙකු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ .

Exit mobile version