මහරගම , පතිරගොඩ විහාරවත්ත පාරේ පදිංචිව සිටි මවක් සහ දියණියක් අතුරුදන්ව ඇති බව වාර්තා වේ .
මෙලෙස අතුරුදන්ව ඇත්තේ 23 හැවිරිදි මවක් සහ තුන් හැවිරිදි දියණියක් බව සඳහන් වේ.
සැමියා සේවය නිම වී නිවසට පැමිණෙන විට අදාළ කාන්තාව සහ දියණිය නිවසේ නොසිටි නිසාවෙන් ඒ පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර පසුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලීසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
