තවත් දරුවෙක් දිය රකුසාට බිලි.

හබරාදුව, කතලුව පාලම අසල මෝය ප්‍රදේශයේ දිය නාමින් සිටි සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව වාර්තා වේ .

පොලීසිය පවසන්නේ තවත් පිරිසක් සමඟ වරකාපොළ ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණ සිටිය දී එම පාසල් සිසුවා මෙම අනතුරට ලක්ව ඇති බවත් , ළමුන් දෙදෙනෙකු දියවැලකට හසුව ගසාගෙන ගොස් ඇති බවත් , ප්‍රදේශවාසීන් විසින් එක් සිසුවෙකු බේරාගෙන ඇති බවත් ය.

අතුරුදන් වූ 14 හැවිරිදි සිසුවා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Exit mobile version