තවත් උපාධිධාරීන්  පිරිසක් ගුරු සේවයට.

භෞතික සම්පත් සමගම මානව සම්පත ද සම්පූර්ණ කරමින් පාසල් පද්ධතිය සංවර්ධනය කළ යුතු බවත් , තවත් උපාධිධාරීන් 5,500කට ළඟදීම ගුරු සේවයට බඳවා ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව ලබන 16 වැනිදා විද්‍යාපීඨ ගුරුවරුන් 7500කට පත්වීම් ලබා දෙන බවත් , විද්‍යාව , ගණිතය , භාෂාව ,භූගෝල විද්‍යාව , තාක්ෂණය , වාණිජ වැනි විෂයන් සඳහා භාෂා මාධ්‍ය ත්‍රිත්වයෙන්ම උපාධිධාරීන් ළඟදීම බඳවා ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

Exit mobile version