පුරාවස්තු සෙවූ තවත් පිරිසක් අත්අඩංගුවට.

රාජාංගණය වැව් ඉස්මත්තේ කොක්මඩුව ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කටයුතු සිදු කරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් සමඟ කැණීම් කටයුතු සඳහා උපයෝගී කරගත් උපකරණ තොගයක් ද අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

කැණීම් කටයුතු සඳහා යොදා ගෙන තිබූ උපකරණ අතරේ ජෙනරේටරයක් , යාන්ත්‍රික ඩ්‍රිල් , වෙඩි බෙහෙත් , කුළු ගෙඩි තිබූ බවත් ඊට අමතරව පූජා භාණ්ඩ කිහිපයක් ද තිබූ බවත් සඳහන් වේ.

සැකකරුවන් මිද්දෙණිය , අලුත් ගම්මානය සහ ගිරිබාව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 32 , 35 සහ 41 යන වයස්වල පසුවන්නන් වන අතර කන්තලේ පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලැබේ.

Exit mobile version