තවත් ජීවිතයක් දුම්රියකට බිලි වෙයි.

හික්කඩුව, කුරුදුවත්ත දුම්රිය හරස් මාර්ගය අසලදී මරදානේ සිට මාතර බලා ධාවනය වූ රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රියේ ගැටී තවත් නාඳුනන පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 55ත් 60ත් අතරේ පසුවන උස අඩි 05ක කෙට්ටු සිහින් සිරුරකින් යුත් හිසෙහි මුදුන තට්ටය පෑදුන රතු, කළු පැහැති කොටු සහිත අත් කොට කමිසයකින් සහ සරමකින් සැරසුණ පිරිමි පුද්ගලයෙකි.

මෘත දේහය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර හික්කඩුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි .

Exit mobile version