පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක් අසල නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හිඟුරක්ගොඩ පොලිසිය විසින් අද (20) උදෑසන සොයා ගත් බව වාර්තා වේ.
සිරුර අසල විශාල ලේ පැල්ලමක් තිබීම හේතුවෙන් මෙම පුද්ගලයා ඝාතනයට ලක්ව ඇති බවට සැක කරන බව පොලිසිය සඳහන් කර තිබේ.
මෙම මරණයට හේතුවට මෙතෙක් අනාවරණය වී නොමැති අතර මියගොස් සිටින පුද්ගලයාගේ අනන්‍යතාවය ද මෙතක් අනාවරණය වී නොමැති බවත් සඳහන්.
