මොරටුව පොලිස් වසමේ , ලුනාව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී තියුණු ආයුධයකින් පහර දීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 58 හැවිරිදි පුද්ගලයෙකි.
මොරටුව පොලීසිය පවසන්නේ බහින් බස් වීමක් අතරතුරදී සිදු වූ කඩු පහරින් බරපතළ තුවාල සිදුව ඇති බවත් , අනතුරුව ඔහු රෝහල වෙත ඇතුළත් කර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ය.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩි දුර විමර්ශන කටයුතු මොරටුව පොලීසිය විසින් සිදු කරනු ලබයි.
