මිහින්තලය ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවක් ඝාතනය කර ඇති බවට වාර්තා වේ.
ඊයේ (29) දහවල් කාලයේ මිහින්තලය දොරමඩලාව ප්‍රදේශයෙන් එම සිද්ධිය වාර්තා වූ බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
මරණකාරිය තම මව සමග නිවසේ සිට ඇති අතර මව අසල නිවසක රැකියාවක් සදහා ගොස් සිටියදී අසල ගමක පුද්ගලයකු නිවසටම පැමිණ මෙම කාන්තාව දූෂණයට කර ඝාතනය කර ඇති බව සදහන්.
එසේ මියගොස් ඇත්තේ 51 හැවිරිදි කාන්තාවක් වන අතර ඝාතනය සිදු කළ වයස අවුරුදු 47ක් වූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මිහින්තලය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.
