අවුරුදු සමයේ තම නිවෙස් වල මෙන්ම ඥාති නිවෙස් වල රැඳී සිටින බැවින් සුරතලයට ඇති කරන බල්ලන් , පූසන් වැනි සතුන්ගේ සපා කෑම්වලින් දරුවන් ආරක්ෂා කර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී ඇති බව වාර්තා වේ.
එමෙන්ම නිවෙස්වල සුරතලයට ඇති කරනු ලබන සතුන් සඳහා නිසි කාලයේ දී එන්නත් ලබා දීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ වැඩි දුරටත් දන්වා සිටී.
මෙම උත්සව සමයේ දරුවන් පිළිබදව නිසි අවධානයෙන් සිටින ලෙසත් , යම්කිසි සතෙකුගේ සපා කෑමකට ලක් වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට කටයුතු කරන බවත් වෛද්‍යවරුන් ප්‍රකාශ කළ බව වාර්තා වේ.














































