කැනියුලාවකින් සිදු වූ විෂබීජ ආසාදනයකින් උණ රෝගියෙකු මියයෑමේ පුවතක් පානදුර රෝහලෙන් ඊයේ (13) වාර්තා වී තිබේ.
ඔහු සති දෙකකට පමණ පෙර උණ වැළදී ගාල්ල ප්‍රදේශයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර එහිදී සවිකල කැනියුලාවෙන් විෂබීජ ආසාදනයක් සිදු වී ඇති බව සදහන්.
ඉන් පසු පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු හෘද රෝගියෙකු බැවින් වෙනත් රෝහලකට මාරු කර යැවීමට වෛද්‍යවරුන් උත්සාහ කළ නමුත් එහිදී ඔහු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ කළමනාකාර සහායකවරයෙකි.
කැනියුලාවෙන් සිදුවූ විෂබීජ ආසාදනයක් මරණයට හේතු වන්නට ඇති බවට වෛද්‍යවරුන් විශ්වාස කරති.