මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අද (29) උදෑසන කාලයේදී මුල්ලේරියාව පොලිස් ස්ථානය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සෞඛ්‍ය කාර්ය සහයකයෙකි.
නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශණ අංශය හා මුල්ලේරියාව පොලිස් ස්ථානය මගින් මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සිව් දෙනාම අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.
මේ පිළිබඳව මුල්ලේරියාව පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.
