තණමල්විල , සීමාපහුව ආරණ්‍ය සේනාසනය මාර්ගයේ ගල්කොටුකන්ද රක්ෂිත ප්‍රදේශය ආසන්නයේ ගොවිතැන් කටයුතුවල නිරත වෙමින් සිටි පුද්ගලයෙකු වන අලි පහර දීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සූරියආර ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකි.
ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ මෙම ප්‍රදේශයේ කලක සිට වන අලි තර්ජන උග්‍ර ලෙස පවතින බවත් , මෙම ගැටලුවලට කඩිනමින් විසඳුමක් ලබාදෙන බවත් ය.
