ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව ඊයේ (02) පැවති තවත් තරගයකින් ගුජරාටි ටයිටන්ස් කණ්ඩායම පරදවා ලකුණු 5ක ජයක් ලැබීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වූ බවට වාර්තා වේ.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 8ක් දැවී ලකුණු 130ක් ද පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාටි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 125ක් පමණි.