ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් සෞදි අරාබියට පැමිණ ඇති බව වාර්තා වේ.
අරාබි රටවල් 06ක සිදු කරන සිය සංචාරය අතරතුර 05 වැනි නැවතුම ලෙස අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙලෙස සෞදියේ රියාද් වෙත පැමිණ ඇති බවට විදෙස් මාධ්‍යය වාර්තා කර තිබේ.
අරාබි රටවල් විසින් හමාස් සංවිධානයේ ක්‍රියාකාරකම් හෙළා දැකීම හා ඊශ්‍රායල ප්‍රතිචාර සම්බන්ධයෙන් සංයමයෙන් කටයුතු කිරීම අමෙරිකාවේ අපේක්ෂාව වී තිබේ.
ඇන්තනී බ්ලින්කන් සෞදි සංචාරයෙන් අනතුරු ව ඊජිප්තුව වෙත පිටත් ව යාමට නියමිත බව ද වාර්තා වේ.
