ඊශ්‍රායලයේ ගැටුම් අතරතුර මියගිය අනුලා රත්නායකගේ සිරුර මෙරටට එවීම සඳහා කටයුතු කර ඇති අතර එම සිරුර හෙට (28) පෙරවරුවේ දිවයිනට ළඟා වනු ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එමෙන්ම ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ගැටුම් අතරතුර අතුරුදන්වූ අනෙක් ශ්‍රී ලාංකිකයා මියගොස් ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බවත් , ඔහුගේ දරුවන්ගේ DNA සාම්පල යොදා ගනිමින් එම තහවුරු කිරීම් සිදු කරන බවත් ය.
