තම ආණ්ඩුවක් යටතේ කුඩු ව්‍යවසනයෙන් සහ පාතාලයෙන් ශ්‍රී ලංකාව මුළුමනින්ම ගලවා ගන්නා බවත් , පාතාලයන් සහ කුඩු ජාවාරම්කරුවන් සමඟ හැප්පීමට තමා සූදානම් බවත් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ගාල්ල , කොස්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම මේ වන විට අවශ්‍යව ඇත්තේ නීතිය සියලු දෙනාටම සාධාරණව ඉටු කරන රටක් බවත් , එම පාලනය බිහි වන්නේ ජාතික ජන බලවේගය යටතේ පමණක් බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.
