අනුරාධපුර – ඕමන්තේ අතර දුම්රිය ධාවනය යළි ඇරඹෙයි.

අනුරාධපුර සහ ඕමන්තේ අතර දුම්රිය ධාවනය ලබන සෙනසුරාදා (15) යළි ආරම්භ කරන බවට දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා සාමාන්‍ය කාල සටහන් අනුව යළිත් දුම්රිය ගමන් ආරම්භ කිරීමට නියමිත බව සදහන්.

මාර්ග අලුත්වැඩියාව සදහා මෙම දුම්රිය මාර්ගය වසා දැමුණේ පසුගිය ජනවාරි මාසයේදීය

Exit mobile version