බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් හුණු වටය කතාවේදී සුදුස්සාට සුදුසු තැන ලැබීම ගැන විශ්වීය අදහසක් පවසන බවත් මේ අබලන් කාරය යකඩ,වානේ වලට වත් ගන්න බැරි තරමට අබලන් වෙන තුරු එහි අයිතිකාරයා එය නොසලකා හැර වෙනත් කෙනෙකු එයට එන්ජිමක් තියා පාට කර හැඩ වැඩ කරලා ඕල්ඩ් ටයිමර් එකක් හැටියට යකඩ ගොඩකට ඒ වගේ දාස් ගුණයක වටිනාකමක් ලබා දී තිබේ.
මේ ගුණාංගය අපේ රටේ ඇත්තටම දකින්නට ලැබෙන්නේ අඩුවෙන් බවත් ගිනි තැබීම,විනාශ කිරීම හා විනාශ වීමට ඉඩ හැරීම ,හොරකම් කර හෝ වර්ජනය කර තම ආයතනය බිඳ දැමීම කියන ලක්ෂණ වැඩි වශයෙන් අපේ රටේ දක්නට ලැබේ.
ආයතන ප්‍රධානියෙක් වුණාම ඒ ආයතනය පවතින අඳුරු ආගාධයෙන් ගොඩ දැමීම වෙනුවට විනාශ කිරීම සිදු කරන බවත් ආයතන නැතිව තමන්ගේ රැකියාව වරප්‍රසාද නොලැබෙනවා කියන එකට වඩා ආයතනයේ පැවැත්ම,එහි අයිතිකරු,හෝ සභාපති,එහෙමත් නැතිනම් පාලකයා එක්ක තියෙන සමාජ වෛරය ටිකින් ටික රටේ ආයතන දේහයම වැටෙන්නට හේතුව බවයි.
රට ආයතනික වශයෙන් කොච්චර අරාජිකද කියනවනම් වසර 150 කට වැඩිය ක්‍රියාත්මක දුම්රිය දෙපාර්තමේන්තුව හරස් මාර්ග වලට ස්වයංක්‍රියව වැසෙන බාධකයක් දමා ගන්නට වත් බැරි ආයතන බවට පත්ව තිබෙන බවත් දේශපාලනය පාසල්,ගුරු වෘත්තීය ගැන කතා නොකිරීමම හිතට සැනසීමක් බවත් නීතීය යුක්තිය..අපි එහෙම දේවල් තියෙනවද කියන ප්රශ්නය අහන තැනට පත්ව තිබෙන බවයි.
මේ පින්තූරයේ අබලි රථය වසර 75 ක් තිස්සේ අපේ රට කියලා සැලකුවොත් අපේ රට දෙවෙනි පින්තූරේ තත්ත්වෙට ගන්න නම් රටේ වටිනාකම දන්නා පුරවැසි දේහයක් ඕන බවත් එම පුරවැසියන් තීරණය කරන්න ඕන අපේ රටට මොන ආර්ථික ක්රමයද,දේශපාලන ක්රමයද අවශ්‍ය යන්නයි.
ඒ ගැන අවසාන තීරණයක් ගත නොහැකි නම් මේ වාහනය දිරාපත්වෙලා යන යකඩ ගොඩක් ම විතරක් පමණයි.
ඒ පුරවැසියන් තීරණය කරන්න ඕන අපේ රටේ මූලික නීතීය හා ජාතික ප්‍රතිපත්ති මොනවද යන්නත් එහෙම ගමනක් නොයා රට කියන අබලි රථය පරණ යකඩ වලට විකුණමින් ජිවත් වීම හෝ අබලි රථය දිහා බල බල තලු මර මර මට මේක ලැබුණොත් අරහෙම කරනවා,මෙහෙම කරනවා කියන කයිවාරු සිහින රාජ්‍ය වල දුම් දමමින් හිඳිමින් රට නිවැරදි කරගත යුතුය.
පින්තූරය කියන්නෙම වටිනාකම දන්නා කෙනෙකුට ඒ දේ ලැබිය යුතුය යන්නයි.
අපේ රටේ වටිනාකම පෞද්ගලික න්යායපත්රයයෙන් ඔබ්බට ,භූ දේශපාලකයාගේ උපක්‍රමයෙන් ඔබ්බට දැකිය හැකි පිරිසක් රට භාර ගත යුතු බවත් එම පිරිසට වර්තමාන අබලි ලංකාව ප්‍රතිසංස්කරණය කර ගත හැකි බවත්ය .
දෙයක් වේනම් යම් සුදුස්සාටම ලැබිය යුතුය.මෙතෙක් හිටපු රාජ්‍ය නායකයෝ ගැන හිතලා සිත්මේ අබලි රථය ගොඩ දාන්න යන්තම් වත් උත්සාහ කරපු කී දෙනාද ඉන්නේ? අරගලය විසින් එළවලා දාපු ගෝඨා ගැන සිතා මේ අබලි රථය ගැන එයාට තිබුණු අවබෝධය පාසලේ හතරේ පන්තියේ ළමයෙකුට වගේය.
ගෝඨා ගෙනාව කැම්පේන් කාරයෝ මේ රටට කොයිතරම් අවුලක් කරාද ?
ගම සමග පිළිසඳර දාගෙන වයසක කාලේ ගන්න ආතල් එකක් ගන්න එයාව ගෙන ආ බවත් ඒ පුද්ගලයා ගෙනාපු පුද්ගලයෝ දැන් වෙනස් මුහුණුවරින් කරලියට පැමිණ ඇති බවත් පළමුව අබලි වාහනේ ගොඩ දාන්න බැරිනම් නයා අනුන්ට නොඑවා කෙලින්ම ආවත් නයාට සුවපහසු අබලි වාහනේ මිස පදවන්න පුළුවන් විදියට තියෙන වාහනයක් නොවන බවයි.
මොකද නයි කියන්නේ කැලේ ඉන්න කැමති හා ඕන සත්තු මිස ප්‍රසිද්ධියේ තියාගන්න ඕන පිරිසක් නොවන බවත් කොටින්ම අපිට නයි එක්ක බස් එකේ යාමට නොහැක්කේ නයා නයාම නිසාවෙනි.
(ටිකිරි සුභාෂිණි )
