අස්වැසුමේ අභියාචනා දිනකට ලක්ෂය පන්නයි.

“ අස්වැසුම “ සුබසාධන දීමනාව සම්බන්ධයෙන් ඊයේ (26) දිනය වන විට  අභියාචනා සහ පැමිණිලි 106,151ක් ලැබී ඇති බවත් , ඉන් 99 ,710ක් අභියාචනා බවත් , 6,441ක් විරෝධතා බවත් අස්වැසුම ප්‍රතිලාභදීමනා වැඩසටහනේ සභාපති බී.විජේරත්න මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මේ අයුරින් ලැබෙන අභියාචනා සහ පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව සුබසාධන දීමනාව හිමිවන පුද්ගලයින්ගේ අවසාන ලැයිස්තුව පිළියෙළ කිරීමට හැකි බව සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version