රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ බහුකාර්‍ය සහායකයින් 418 දෙනෙකුට ස්ථීර පත්වීම් ලබා දී තිබෙන බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට එම වැඩසටහන යටතේ බහුකාර්‍ය සහායකයින් 34 , 700 ඉල්ලුම් කර ඇති බවත් , ඉන් සුදුසුකම් ලැබූ 29 , 000 ක් බඳවා ගන්නා බවත් ය.
මෙම බහුකාර්‍ය සේවකයන්ගෙන් වැඩි පිරිසක් මේ වන විට පුහුණුලාභීන් ලෙස විවිධ රාජ්‍ය ආයතනවල සේවය කරන බවත් , ඇතැම් පිරිසකට ස්ථීර පත්වීම් ලබාදීමට නොහැකි වී තිබෙන බවත් , ඔවුන්ගේ පවතින අඩුපාඩුකම් නොවැම්බර් 31 වනදාට පෙර සම්පූර්ණ කර දීමෙන් ස්ථීර පත්වීම් ලබා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරන ලදී.
