2018 දී හෙද පුහුණුව සදහා බඳවාගත් පුහුණුලාභීන් සියළු දෙනාට පත්වීම් ලබා දීමට මහාභාණ්ඩාගාරයේ එකඟතාව පල කළ බවට රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ සභාපති ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් 2018 වසරේදී හෙද පුහුණුව සඳහා 2518ක සිසුන් පිරිසක් බඳවාගෙන පුහුණුව ලබා දුන් නමුත් රටේ පවතින මුල්‍ය අස්ථාවරත්වය ඇතුළු කරුණු නිසා මෙයින් 1000 කට පමණක් පත්වීම් ලබා දීමට මහා භාණ්ඩාගාරය මුල් අවස්ථාවේ තීරණය කර තිබුණි.
එහෙත් හෙද සිසු සිසුවියන්ගේ සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ ඉල්ලීම මත රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය මැදිහත් වී මුදල් අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ ජනාධිපතිතුමාට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම මත 2018 දී හෙද පුහුණුව සදහා බඳවාගත් පුහුණුලාභීන් සියළු දෙනාට පත්වීම් ලබා දීමට මහාභාණ්ඩාගාරයේ එකඟතාවය පළ කර ඇති බව සදහන්.
