නව පත් කිරීම් කිහිපයකට උසස් නිලතල පිළිබද කාරක සභාවේ අනුමැතිය.

අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙකුට සහ රාජ්‍ය ආයතන සභාපතිවරු හයකට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආර්.එම්.ඩබ්ලිව්.එස්.සමරදිවාකර සඳහා ද , කාන්තා , ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස යමුනා පෙරේරා සඳහා ද , මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස සුජීව රාජපක්ෂ සඳහා ද , ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිවරයා ලෙස මහාචාර්‍ය එස්.ආර්.ඩී.රෝසා සඳහා ද , ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා ලෙස රත්නසිරි කලුපහන සඳහා ද , ඉංජිනේරුමය කාර්‍යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්‍යාංශයේ සභාපතිවරයා ලෙස ඉංජිනේරු ඒ.ගල්කැටිය සඳහා ද , ප්‍රසිද්ධ රැගුම්පාලක මණ්ඩලයේ සභාපතිවරිය ලෙස ස්ටෙලා මාරපන සඳහා ද , ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස ජයන්ත විජේරත්න සඳහා ද පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.

එමෙන්ම මෙම උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය 12 වනදා පාර්ලිමේන්තුවේදී රැස් වූ බව වාර්තා වේ.

Exit mobile version