ධීවර පනතට ආංශික කමිටුවේ අනුමැතිය .

ධීවර හා ජලජ සම්පත් පනත් කෙටුම්පතට ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ .

මෙම පනත ඉදිරිපත් කර ඇත්තේ 1996 අංක 2 දරණ ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීම සඳහා වන අතර ධීවරයින්ට වන හදිසි අනතුරු වලදී හදිසි ඇමතුම් සේවාවක් හඳුන්වා දීමට පියවර ගන්නා ලෙස එම කමිටුව නිලධාරීන්ට නිර්දේශ කළ බව සඳහන් .

Exit mobile version