විදේශ සේවා නියුක්ති කාර්‍යාංශ පනත සංශෝදනයට අනුමැතිය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශ පනත සංශෝදනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව අද (25) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව  වර්තමාන අවශ්‍යතාවයන්ට ගැළපෙන ආකාරයට මෙම පනත සංශෝදනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමට නියමිත බව ද සඳහන්.

Exit mobile version